Sunday, March 18, 2018

දේශප්‍රේමියා සහ දේශ ද්‍රෝහියා


හොඳ මිනිහා සහ නරක මිනිහා එහෙමත් නැත්නම් දේශප්‍රේමියා සහ දේශ ද්‍රෝහියා යන්න තීරණය කරන උපමානයන් මොනවාද ?  ඔබ ස්ටාලින් ගේ සෝවියට් දේශයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් මාර්ක්ස් එන්ගල්ස් ලෙනින් ගේ භාෂිතය හිස් මුදුනින් පිලිගන්න අයෙක් වෙන්න ඕනේ එසේම ස්ටාලින් ගේ සියළු ක්‍රියා මාර්ගයන් අනුමත කරන අයෙක් වෙන්න ඕනේ. බුහාරින් සිනවියෙව් වගේ හිටපු නායකයන් ජනතා සතුරන් කියලා විශ්වාස කරන්නටත් අවශ්‍යයයි. ගුලාර්ග් වලට තවාරිෂ් ස්ටාලින් දක්කන්නේ ජනතා සතුරන් සමාජ විලෝපිකයන් කියලත් අදහන්න ඕනේ. 

ඒ වගේම ඔබ හිට්ලර් ගේ තුන්වන රයිකයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් උසස් ආර්ය ජර්මන් ජාතියක් ගැනත් මේ ආර්ය ජාතිය අපමිශ්‍ර කරන දුෂ්ට මීයන් බඳු යුදෙව්වන් සිටිනවා කියලත් විශ්වාස කරන්න ඕනේ. ඔබ මාඕ ගේ චීනයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් අධිරාජ්‍යවාදීන් ගේ දේශීය නියෝජිතයන් වන ඉඩම් හිමියන් කියා කොටසක් සිටින බවත් ඔවුන් පොළවෙන් තුරන් කල යුතු බවත් අදහන්න ඕනේ. 

 ඔබ එඩ්ගා හූවර් එක්සත් ජනපදය අනියම්ව පාලනය කල කාලයේ එක්සත් ජනපදයේ සිටි හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් ඇමරිකාවට එදිරිව කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් තිබෙන බවත් කළු ජාතිකයන්ටත් සුදු ජාතිකයන් මෙන් සමාන අයිතිවාසිකම් දිය යුතු බව කියන්නේ මේ කුමන්ත්‍රණ බලවේග බවත් විස්වාස කරන්නෙකු විය යුතුයි. 

මේ විශ්වාස පද්දති ඇදහිලි පිලිගැනීම්  බැහර කොට ඔබ ඔබගේ සහජ බුද්ධිය සහජාශය මත ක්‍රියා කිරීමට ගියහොත් ඔබ නරක මිනිසෙකුදේශ ද්‍රෝහියෙකු වෙනවා. එවිට අන්ධ විස්වාසයෙන් ක්‍රියා කරන සමාජය ඔබව මහාමාරිය රෝගියෙකු මෙන් බැහැර කරනවා.” 

(පරිකල්පන අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග )

1 comment:

  1. ලංකාවෙිදි දේශප්‍රේමියෙක් වෙන්න නමි කොහොමද හිතන්න ඔින?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook