Sunday, June 25, 2017

ප්‍රෝටීන් ඌනතාවය හා උපත් බර අඩු ළමුන්


"මේ පින්බිමේ දවසකට කුකුළ්ලු කී දාහක් මැරෙනවද පින්වතුනි !" කියලා රේඩියෝ එකේ බණක් ඇහෙනවා......
පළවෙනි කරුණ - මේක පින් බිමක් නෙමෙයි.......මේවට "පින් බිම්" කියනව නම් "පින්" සහ "පව්" යනු මොනවාද කියලා ආයෙත් පොත් පෙරළගෙන හරියට හොයල බලන්න ඕන..... ..( උපුටා ගැනීම Damith Kethaka) 
 
සටහන 

ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ   ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය​. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත්  පූජකයෝ මිනිසුන්ට   අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම  තහනමක් ගිහියන්ට නොපැනවූ ප්‍රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා  ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය​)  නිර්මාංශ වීම  ඇතැම් භික්‍ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය​

5 comments:

  1. පොඩි පැහැදිලිකිරීමක් ඕනේ මට....
    කෙලින්ම මාංශමය ( මස්/මාළු) ආහාර ප්‍රභවයන්ට වඩා අඩු මිලැතියි නේද ශාක ප්‍රෝටීන් ප්‍රභවයන්? ඉතින් ආගමික සංකල්පය නිසා ප්‍රෝටීන් අඩුවෙන් කන නිසා මෙහෙම වෙනවා හෝ දුප්පත්කම නිසා මෙහෙම වෙනවා කියන්නේ බොහොම ලාමක තර්කයක් නේද? ( නිර්මාංශික වෙන එක ආගමික මුහුණුවරක් තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්)

    දමිත් කේතකගේ ප්‍රකාශයට ඔබට උත්තර දීමෙන් පලක් තියේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ප්‍රකාශයකට උත්තර දීමෙන් පලක් තියෙනවා කියල හිතන අයනේ මේවට කොමෙන්ට් දාන්නේ.

      //දමිත් කේතකගේ ප්‍රකාශයට ඔබට උත්තර දීමෙන් පලක් තියේද?//

      එහෙනම් ඔයා රුවන් ප්‍රකාශයට උත්තර දීමෙන් පලක් තියේද ? LOL :D

      Delete
  2. බටහිරයන්, බටහිර ඇලෝපති වෙදකම ලෝකය පුරා පැතිරවීමට විරුද්ධ නොවන්නේ මන්ද කියන ප්‍රශ්ණයට
    උත්තරයක් මෙම ලිපියෙන් ලැබෙනවා.
    ඇලෝපති වෛද්‍යවරයා ආගමින් බෞද්ධයකු වුවත්, කතෝලිකයකු වුවත්, මුස්ලිමයකු වුවත් ඔහු සේවය කරනුයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයටයි.
    මෙරට ආක්‍රමණය කල පෘතුග්‍රීසීන් කතෝලික ආගම වැළඳගත් සිංහලයන් යොදාගෙන ලස්කිරිඤ්ඤ හමුදාවක් හැදුවා.
    ඒ විදියට සැලකුවොත් මෙරට ඇලෝපති වෛද්‍යවරු සැලකිය හැක්කේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලස්කිරිඤ්ඤ හමුදාව ලෙසයි.

    ReplyDelete
  3. You can be 100% healthy and not eat meat (Hay Dr this argument is bit misplaced)

    ReplyDelete
    Replies
    1. Yes you may but it is very expensive beyond average persons financial capabilities
      animal protein is a better option

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook